English English සිංහල සිංහල தமிழ் தமிழ்

සංචාරක කලාපවලට අඛණ්ඩව විදුලිය – දළඳා මාලිගාවේ විදුලි බිලට සහනයක්.

Facebook
Twitter
LinkedIn

ඵෙතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේ පසුගිය ඔක්තෝම්බර් මාසය සඳහා ලැබී තිබූ රුපියල් ලක්ෂ 27 ක විදුලි බිල්පත සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පොරොන්දු වූ පරිදි සහනයක් ලබාදී තිබෙනවා.

ආගමික ස්ථානවල විදුලි බිල්පත් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මතු වූ කතාබහත් සමඟ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා පසුගියදා මහනාහිමිවරුන් බැහැදැක ප‍්‍රකාශ කළේ ආගමික ස්ථානවලට සහනයක් ලබාදෙන බවයි. ඒ, ආගමික ස්ථාන, පූණ්‍යායතන කාණ්ඩයෙන් ඉවත් කර පොදු කාර්ය යටතට ගැනීමෙන්.

ඒ අනුව ඉහළ නැංවූ ආගමික ස්ථානවල විදුලි ගාස්තුව ඊට සාපේක්ෂව 50% කින් පමණ පහත දැමීමට තීරණය වී තිබුණා.

කෙසේ වෙතත්, පසුගිය මාසයේ ඵෙතිහාසික ශ්‍රී දළඳා මාලිගාව සඳහා රුපියල් ලක්ෂ 27 ක විදුලි බිල්පතක් ලැබී තිබූ අතර, අදාළ සහනය එම බිල්පතට ඇතුළත්ව නොතිබූ බවයි දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල සඳහන් කළේ.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කර අදාළ සහනය ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. එම සහනය හිමිවීමත් සමඟ දළඳා මාලිගාවේ පසුගිය මාසය සඳහා වන විදුලි බිල රුපියල් ලක්ෂ 13 ක් දක්වා අඩු වී ඇති අතර, එය ගෙවා දැමීමට පියවර ගත් බවයි දියවඩන නිලමේවරයා කියා සිටියේ.

මේ අතර, සංචාරක කලාපවලට අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා වැඩසටහනක් ක්‍රියාවට නංවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප‍්‍රකාශ කළා.

පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අදියරෙන් අදියර එම වැඩසටහන ක්‍රියාවට නංවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000