/
/
title icon බිත්තරයක හරි මිල ගැන සතියක් ඇතුළත කියන්න – මුදල් කාරක සභාවෙන් නියෝග.
බිත්තරයක හරි මිල ගැන සතියක් ඇතුළත කියන්න – මුදල් කාරක සභාවෙන් නියෝග.
Editor
1 year ago
Share:
බිත්තරයක හරි මිල ගැන සතියක් ඇතුළත කියන්න – මුදල් කාරක සභාවෙන් නියෝග.

ආනයන හා අපනයන පාලන පනත යටතේ වූ රෙගුලාසි සලකා බැලීමේදී, කුකුළු කෑම මෙරටට ආනයනය කිරීමට අදාළව වර්තමානයේ පවතින මිළ අනුව බිත්තරයක් විකිණිය හැකි නිසි මිල සතියක් ඇතුළත ගණනය කොට ලබාදෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, මුදල් සහ වෙළඳ අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කළා.

ඒ, එහි සභාපති ආචාර්ය, හර්ෂ ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

එසේම, අදාළ රෙගුලාසි පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡුා කිරීමෙන් අනතුරුව නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත‍්‍රවල ප‍්‍රකාශයට පත් කරන ලද ආනයන හා අපනයන පාලන පනත යටතේ වූ රෙගුලාසි සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලබාදීමද මෙහිදී සිදුකෙරුණා.

මේ අතර, කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ වන නියෝග පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකඡාවට ලක්ව තිබෙනවා. එහිදී කාරක සභා සාමාජිකයන්ගේ මතය වුයේ ඒ සඳහා අනුමතිය ලබාදීම රටේ සංවර්ධනයට වඩාත් ඵලදායි වන අයුරින් සකස් කිරීමෙන් අනතුරුව සලකා බැලීම වඩාත් සුදුසු බවයි.

මෙහිදී කැසිනෝ නියාමන අධිකාරියක් නොමැති වීම හේතුවෙන් පවතින ගැටලූ‍ සම්බන්ධයෙන් ද කමිටුවේ අවධානය යොමු වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required