/
/
title icon බදු අනුපාතය අඩු කිරීමෙන් ලොකු ළුෑණු මිලට සහනයක්.
බදු අනුපාතය අඩු කිරීමෙන් ලොකු ළුෑණු මිලට සහනයක්.
Editor
1 year ago
Share:
බදු අනුපාතය අඩු කිරීමෙන් ලොකු ළුෑණු මිලට සහනයක්.

විශේෂ වෙළඳ භාණ්ඩ බදු අනුපාතය අඩු කිරීමෙන් වෙළඳ පොලේ ලොකු ළුෑණු සඳහා මිල සහනයක් ලැබෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප‍්‍රකාශ කළා. මෙම තීරණයට එළඹ ඇත්තේ පසුගිය 24 වනදා ආහාර ප‍්‍රතිපත්ති කමිටුව රැස්වූ අවස්ථාවේදියි.

ලොකු ළුෑණු ජාතික අවශ්‍යතාව වසරකට මෙටි‍්‍රක් ටොන් ලක්ෂ තුනක්. ඉන් සියයට 86 ක් ආනයන මගින් සපුරාගනු ලබන අතර සියයට 14 ක් නිෂ්පාදනය කෙරෙන්නේ දේශීය වශයෙන්.

මේ වනවිට වෙළඳපොලේ ආනයනික ලොකු ළුෑණු කිලෝග‍්‍රෑමයක සිල්ලර මිල රුපියල් 290 ත් 390 ත් අතර මිලක පවතින අතර, දේශීය ලොකු ළුෑණු කිලෝග‍්‍රෑමයක මිල පවතින්නේ රුපියල් 340 ත් 400 ත් අතරයි.

පසුගිය සැප්තැම්බර් 22 වනදා සිට රජය විසින් ආනයනික ලොකු ළුෑණු කිලෝග‍්‍රෑමයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 10 සිට 50 දක්වා වැඩි කරනු ලැබුවා.

ඉන් අනතුරුව ලොකු ළුෑණු ආනයනය විශාල ලෙස පහත වැටුණු අතර, අගෝස්තු මාසයේ මෙටි‍්‍රක් ටොන් 27,889 ක් වූ එම සංඛ්‍යාව මේ වනවිට පවතින්නේ මෙටි‍්‍රක් ටොන් 13,496 ක් ලෙසයි.

මෙලෙස ආනයනය පහත වැටීමේ ප‍්‍රතිඵලයක් ලෙස අගෝස්තු මස තුළ රුපියල් 175 ක පමණ මිලකට පැවති ලොකු ළුෑණු කිලෝග‍්‍රෑමයක් රුපියල් 328 ක් පමණ දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේ වුවත් නොවැම්බර් 22 වනදා සිට ලොකු ළුෑණු කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 250 ක් දක්වා පහත වැටීමක් පෙන්නුම් කෙරෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required