/
/
title icon වරායේ සිරවී ඇති කිරිපිටි තොගය ගැන ඇමති වාර්තාවක් කැඳවයි.
වරායේ සිරවී ඇති කිරිපිටි තොගය ගැන ඇමති වාර්තාවක් කැඳවයි.
Editor
1 year ago
Share:
වරායේ සිරවී ඇති කිරිපිටි තොගය ගැන ඇමති වාර්තාවක් කැඳවයි.

නිශ්කාෂණය නොකර රේගු දෙපාර්තමේන්තුව භාරයේ පවතින කිරිපිටි තොගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය රේගුවට සහ ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙනවා.

ආනයනය කරන ලද කිරිපිටි කිලෝග‍්‍රෑම් ලක්ෂ හතරක් නියමිත කාලයට නිදහස් කරගැනීමට නොහැකිවීම හේතුවෙන් පරිභෝජනයට නුසුදුසු තත්වයකට පත්ව ඇති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් චෝදනා කළේ.

එම සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය සඳහන් කළේ රට තුළ යළිත් කිරිපිටි හිඟයක් මතුවීමට ඉඩ හැර ජනතාව අපහසුතාවට පත්කිරීමේ කූට වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීම හේතුවෙන් කිරිපිටි නිදහස් නොකර මෙලෙස තබාගන්නා බවයි.

ඊට ප‍්‍රතිචාර දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ රේගුව සහ ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානීන්ගෙන් හෙට වනවිට විස්තරාත්මක වාර්තාවක් තමන් කැඳවූ බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required