English English සිංහල සිංහල தமிழ் தமிழ்

මෙම වසරේ බන්ධනාගාර ගතවන රැඳවියන්ගේ වැඩිවීමක්.

Facebook
Twitter
LinkedIn

විවිධ චෝදනා සම්බන්ධයෙන් මෙම වසරේ බන්ධනාගාර ගතවන රැඳවියන්ගේ සංඛ්‍යාව ක‍්‍රමයෙන් වර්ධනය වී ඇති බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එහි සංඛ්‍යාලේඛන දත්ත අනුව සියයට 65 කට අධික සංඛ්‍යාවක් බන්ධනාගාරගතව ඇත්තේ මත්ද්‍රව්‍ය ආශ‍්‍රිත චෝදනාවලට අදාළවයි.

ඒ අනුව 2022 වර්ෂය තුළ මේ වන විට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව ඇති රැඳවියන් සංඛ්‍යාව සමස්ත රැඳවියන්ට සාපේකෂව සියයට 50 ඉක්මවා ගොස් තිබෙනවා.

මේ අතර මෙම වසරේ නොවැම්බර් 25 වන දින වන විට සමස්ත බන්ධනාගාර පද්ධතිය තුළ රැඳවියන් 26,000 කට අධික ප‍්‍රමාණයක් රඳවා තිබෙනවා.

දිවයින පුරා පිහිටි බන්ධනාගාර තුළ රැඳවිය හැකි උපරිම රැඳවියන් සංඛ්‍යාව 13,200 ක් පමණ වුවත් දැනට බන්ධනාගාර තුළ උපරිම ධාරිතාවය මෙන් දෙගුණයක් රැඳවියන් සිටින බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළා.

මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැළකෙන ගනේමුල්ලේ සංජීවගේ ප‍්‍රධාන ගෝලයෙකු හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගම්පහ – අමුණුගොඩ ප‍්‍රදේශයේදී සිදුකළ වැටලීමකදියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000