/
/
title icon යාලේ වන සංහාරයක්.
යාලේ වන සංහාරයක්.
Editor
1 year ago
Share:
යාලේ වන සංහාරයක්.

යාල වන සංරක්ෂණ ප්‍රේරක කලාපයට අයත් ගල් ආර ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 40ක් පමණ බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් හෙළි පෙහෙළි කරමින් සිටින බව ප‍්‍රදේශවාසීන් පවසනවා.

දින හයක සිට මෙම හෙළි පෙහෙලි කිරිම් සිදුවන බවට ගොවීන් විසින් දැනුම් දුන්නද කිසිදු වගකිව යුතු නිලධාරියෙකු එම ස්ථානයට පැමිණ නොමැති බවයි ඔවුන් කියා සිටියේ.

ඒ අනුව ගොවීන් සහ පරිසරවේදි ප්‍රින්ස් සුරේන්ද්‍ර ඇතුළු පිිරිසක් මාධ්‍යවේදීන් සමග ගල්ආර ප‍්‍රදේශයට යන අවස්ථාවේ හෙළි පෙහෙළි කිරීම් සිදුකරමින් තිබූ බැකෝ යන්ත‍්‍රයකින් පලා ගොස් තිබෙනවා.

එම ස්ථානයේ තාවකාලික ලැගුම් හලක් ද සකස් කර තිබු අතර එහි තිබී හිස් මත්පැන් බෝතල් 212ක්ද සොයා ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වසර දෙසීයක් පමණ පැරණි පලූ වීර ගස් ගලවා පෙරළා දමා අක්කර අඩි හතලිහක් පමණ පළලට මාර්ගයක්ද සකස් කර තිබුණා.

යාල වන සංරක්ෂණ ප්‍රේරක කලාපයට අයත් ගල් ආර ප‍්‍රදේශයේ හෙළි පෙහෙළි කිරීම් සොයාබැලීමට ගිය පරිසරවේදී ප්‍රින්ස් සුරේන්ද්‍ර එහිදි සදහන් කළේ ඇතැම් වන සංරක්ෂණ නිලධාරින්ගේ සහාය ඇතිව මෙම ඉඩම් ජාවාරම් සිදුවන බවයි.

මේ සම්බන්ධයෙන් ලූණුගම්වෙහෙර අඩවි වන නිලධාරි කුමුදු රෝහණගෙන් අප වාර්තාකරු කළ විමසිමකදි ඔහු සදහන් කර ඇත්තේ ගල්ආර ප‍්‍රාදේශයේ වන හෙළි පෙහෙළි කිරීම් සම්බන්ධයෙන් තොරතුරක් වාර්තා වී නොමැති බවයි.

කෙසේ වෙතත්, තිස්සමහාරාම ප‍්‍රාදේශීය ලේකම් චන්දිමා මනම්පේරි සදහන් කළේ වන සංරක්ෂණ ඉඩම් හෙළි පෙහෙළි කරන බවට නිරන්තරයෙන් වාර්තා වන බැවින් ඒ පිළිබදව නිසි ක්‍රියාමාර්ග ගැනිමට ලූණුගම්වෙහෙර වන සංරක්ෂණ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required