/
/
title icon අමෙරිකා යන විදේශ ඇමති සබ්රි IMF නියෝජිතයන් හමුවීමටත් සැරසේ.
අමෙරිකා යන විදේශ ඇමති සබ්රි IMF නියෝජිතයන් හමුවීමටත් සැරසේ.
Editor
1 year ago
Share:
අමෙරිකා යන විදේශ ඇමති සබ්රි IMF නියෝජිතයන් හමුවීමටත් සැරසේ.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අද ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතයි. ඒ, ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන්ගේ ආරාධනයක් අනුවයි.

මෙම සංචාරය අතරතුර විදේශ අමාත්‍යවරයා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ ජුනි මාසයේ සිට මේ දක්වා ඇමරිකාව ඩොලර් මිලියන 179ක අධාර ලබාදී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනකට අවතීර්ණ වීමටද අවශ්‍ය සහය ලබාදෙමින් කටයුතු කරනවා.

විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ඇමරිකානු සංචාරය අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතයි.

විදේශ අමාත්‍යවරයා ඇමරිකාවේ සංචාරයකට එක්වන්නේ සංචාරයක් සඳහා බංගලාදේශට ගොස් පැමිණ දිනකට පසුව වීම විශේෂත්වයක්.

බංගලාදේශ සංචාරය අතරතුර ඔහු එරට අග‍්‍රාමාත්‍ය ශෙයික් හසීනා හමුවී ද්වීපාර්ශවික සාකච්ඡා පවත්වා තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required