/
/
title icon පොලිස් නිලධාරීන්ගේ ඇස් පරික්ෂාවක්.
පොලිස් නිලධාරීන්ගේ ඇස් පරික්ෂාවක්.
Editor
1 year ago
Share:
පොලිස් නිලධාරීන්ගේ ඇස් පරික්ෂාවක්.

පොලිස් නිලධාරීන්ට බෝ නොවන රෝග වැළදීමේ ප‍්‍රවණතාවක් පවතින බව පොලිස් වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ශාමේන්ද්‍ර රණසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ පොලිස් නිලධාරීන්ගෙන් සියයට 20ත් 30ත් අතර පිරිසකට බෝ නොවන රෝග වැළදී ඇති බවයි.

කොළඹ ජාතික අක්ෂි රෝහලේ ඊයේ පැවති පොලිස් නිලධාරීන්ගේ අක්ෂි රෝග පිළිබඳ පරීක්ෂා කිරීමේ වැඩසටහනකට එක්වෙමින් වෛද්‍යවරයා මේ බව කියා සිටියා.

පොලිස් සේවයේ 96,000ක් පමණ සිටින අතර විෂන් 2020 නියමු ව්‍යාපෘතිය යටතේ ඉදිරි මාස තුන ඇතුළත රටපුරා පොලිස් නිලධාරීන්ගේ ඇස් පරීක්ෂා කිරීම් සිදු කරන බවයි වෛද්‍ය ශාමේන්ද්‍ර රණසිංහ තවදුරටත් ප‍්‍රකාශ කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required