/
/
title icon කෝටි 3,000 ක ඵලදාව සතුන් කයි – පොල් ගෙඩි මිලියන 93 කුත් විනාශයි.
කෝටි 3,000 ක ඵලදාව සතුන් කයි – පොල් ගෙඩි මිලියන 93 කුත් විනාශයි.
Editor
1 year ago
Share:
කෝටි 3,000 ක ඵලදාව සතුන් කයි – පොල් ගෙඩි මිලියන 93 කුත් විනාශයි.

මෙම වසරේ පළමු භාගය තුළ වන සතුන් හානි කිරීමෙන් හෙක්ටයාර 51,816 ක පොල් ගෙඩි මිලියන 93 ක් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

එමඟින් මෙරටට අහිමිවී ඇති මුදල රුපියල් මිලියන 6,638 ක්.

එමෙන්ම වී ඇතුළු ආහාර බෝග 28 ක නිෂ්පාදන මෙටි‍්‍රක් ටොන් එක්ලක්ෂ 44,989 ක් වන සතුන් විනාශ කර ඇති අතර, ඒ අනුව සතුන් විසින් විනාශ කර ඇති මුළු ආහාර භෝගවල වටිනාකම රුපියල් මිලියන 30,215 ක්.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් සකස් කළ ගොවිජන – වන සත්ව ගැටළු පිළිබඳ පර්යේෂණ වාර්තාව මගිනුයි මෙම තොරතුරු අනාවරණ කර ඇත්තේ.

එම වාර්තාවට අනුව මේ වසරේ වැඩිපුරම හානියට පත්ව ඇත්තේ පොල් වගාවයි.

එමෙන්ම 2021 – 2022 මහ කන්නයේ සමස්ත වී වගා වපසරියෙන් සියයට 5.6 ක් හෙවත් හෙක්ටයාර 31,922 ක් වන සතුන් හානිකර තිබෙනවා.

මේ අතර බෝග හානි සිදුකරන සත්ව ලැයිස්තුවට වන අලි, ගෝනුන් සහ මුවන් ඇතුළත් නොකරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

බෙලිඅත්ත ප‍්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පොහොර සම්බන්ධයෙන් අසත්‍ය ප‍්‍රචාර සමාජගත කරමින් ගොවිතැන් කටයුතුවලින් ගොවීන් ඈත් කිරීමට ඇතැම් පුද්ගලයන් කුමන්ත‍්‍රණ සිදුකරමින් පවතින බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required