/
/
title icon කටුනායක පහසුකම්වලට බැසිල් ඩොලර් ගෙව්වා – පොහොට්ටුව කියයි.
කටුනායක පහසුකම්වලට බැසිල් ඩොලර් ගෙව්වා – පොහොට්ටුව කියයි.
Editor
1 year ago
Share:
කටුනායක පහසුකම්වලට බැසිල් ඩොලර් ගෙව්වා – පොහොට්ටුව කියයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ බිරිඳ පෞද්ගලික සංචාරයකින් පසුව කටුනායක ප‍්‍රභූ පර්යන්තය භාවිත කර මෙරටට පැමිණීම සඳහා එක් අයෙකුට ඩොලර් 200 බැගින් ඩොලර් 400 ක මුදලක් ගෙවූ බව එම පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතීඥ සාගර කාරියවසම් ප‍්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ඔවුන් ලබාදුන් තේපැන් සංග‍්‍රහයටද මුදල් ගෙවා එම සියලූ පහසුකම් සාමාන්‍ය ක‍්‍රියා පටිපාටියට අනුව ලබාගෙන ඇති බවයි. බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පෞද්ගලික සංචාරයකින් පසුව නැවත ශ‍්‍රී ලංකාවට පැමිණියේ පසුගිය විසි වනදායි.

එදින කටුනායක ගුවන් තොටුපලේ ප‍්‍රභූ ආලින්ද පහසුකම ලබාගෙන ඇත්තේ අදාළ සම්මතයන්ට යටත්ව සහ සියලූ නීත්‍යානුකූල පියවර අනුගමනය කරමින් බවයි ප‍්‍රධාන ලේකම්වරයා කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required