/
/
title icon ගල් අඟුරු නැති වුනොත් ලබන වසරේ කළුවර ජූලියක් – නැව් 38 න් පැමිණ ඇත්තේ 04 යි.
ගල් අඟුරු නැති වුනොත් ලබන වසරේ කළුවර ජූලියක් – නැව් 38 න් පැමිණ ඇත්තේ 04 යි.
Editor
1 year ago
Share:
ගල් අඟුරු නැති වුනොත් ලබන වසරේ කළුවර ජූලියක් – නැව් 38 න් පැමිණ ඇත්තේ 04 යි.

දැනට ඇණවුම් කර ඇති ගල් අඟුරු නෞකා නොපැමිණියහොත් ලබන වසරේ ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාසවලදී කළුවර ජූලියකට මුහුණදීමට මෙරට ජනතාවට සිදුවන බව විදුලි ඉංජිනේරුවරුන් අනතුරු අඟවනවා.

විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සභාපති නිහාල් වීරසිංහ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ගල් අඟුරු නෞකා 38 ක් මෙරටට පැමිණිය යුතු නමුත් මෙතෙක් පැමිණ ඇත්තේ හතරක් පමණක් බවයි.

මෙම නෞකා ලබන වසරේ අප්‍රේල් 15 වනදාට පෙර මෙරටට නොපැමිණියහොත් ඉතිහාසයේ දැවැන්ත විදුලි කප්පාදුවකට මුහුණදීමට මෙරට ජනතාවට සිදුවන බවයි ඔහු කියා සිටියේ.

අද සහ හෙට දිනවලදී පැය දෙකයි විනාඩි විස්සක කාලයක් විදුලි කප්පාදු කිරීමටද නියමිතයි.

මේ අතර පවතින විදුලි කප්පාදුව හේතුවෙන් මෙරටට පැමිණෙන සංචාරකයින් විශාල අපහසුතාවන්ට ලක්ව ඇති බව සංචාරක ක්ෂේත‍්‍රයේ නියුතු පුද්ගලයින් පවසනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required