/
/
title icon උසස් පෙළ සිසුන්ට 80% යළි අනිවාර්ය කෙරේ.
උසස් පෙළ සිසුන්ට 80% යළි අනිවාර්ය කෙරේ.
Editor
1 year ago
Share:
උසස් පෙළ සිසුන්ට 80% යළි අනිවාර්ය කෙරේ.

ලබන වර්ෂයේ සිට ඉදිරියට උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පාසලට පැමිණීමේ සියයට 80 ක ප‍්‍රතිශතය පැවතීම අනිවාර්යය බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුම්දී තිබුණේ මෙම වසරේ උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන් සඳහා පමණක් සියයට 80 ක ප‍්‍රතිශතයකින් පාසලට පැමිණීම අත්‍යවශ්‍ය නොවන බවයි.

මේ අතර රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර පෙරේදා ඇතිවූ ගැටුමට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් 07 දෙනාගෙන් 06 දෙනෙකු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, එම සිසුන් ඊයේ ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත් ලක්මිණි විදානගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එහිදී එක් සිසුවෙකු පමණක් රුපියල් 50,000 ක ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

මේ අතර උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නවක වදය සහ විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීමේ ක‍්‍රියාවලිය පිළිබඳ අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු කියා සිිටියේ විශ්ව විද්‍යාලවල උපාධිය අවසන් කර ඇති සිසුන් නේවාසිකාගාරවලින් ඉවත්විය යුතු බවටයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required