/
/
title icon අම්පිටියේදී සාමාන්‍ය පෙළ සිසුවාට ගිනි තැබූ අයිස්වලට ඇබ්බැහි වූ සැකකරු අල්ලයි.
අම්පිටියේදී සාමාන්‍ය පෙළ සිසුවාට ගිනි තැබූ අයිස්වලට ඇබ්බැහි වූ සැකකරු අල්ලයි.
Editor
1 year ago
Share:
අම්පිටියේදී සාමාන්‍ය පෙළ සිසුවාට ගිනි තැබූ අයිස්වලට ඇබ්බැහි වූ සැකකරු අල්ලයි.

සාමාන්‍ය පෙළ විභාගය ඒ සාමාර්ථ 06 ක් සමඟින් විශිෂ්ට ලෙස සමත්වූ මහනුවර- අම්පිටිය – පල්ලේගම ප‍්‍රදේශයේ සිසුවෙකුගේ සිරුරට භූමිතෙල් ඉස, ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු මහනුවර පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත්තා.

මලිත් නිස්සංක සංජීව හෙවත් පැතුම් නැමැති 28 හැවිරිදි සැකකරු එම ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක්.

ඔහු අධික ලෙස අයිස් මත්ද්‍රව්‍යය භාවිතයට ඇබ්බැහි වූවෙකු බවද පොලිසිය සඳහන් කළා.

අදාළ සිසුවා සාමාන්‍ය පෙළ විභාගයේ ලැබූ ජයග‍්‍රහණය සිය මිත්තණියට පවසා පියා සමඟ යළි නිවසට එමින් සිටියදීයි පෙරේදා මෙම සැකකරු විසින් ගිනි තැබීම සිදුකර තිබුණේ. එලෙස ගිනි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිසුවා මේ වනවිට මහනුවර ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required