/
/
title icon ඇෆ්ගන් අවසන් තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්.
ඇෆ්ගන් අවසන් තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්.
Editor
1 year ago
Share:
ඇෆ්ගන් අවසන් තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්.

ඇෆ්ගනිස්ථානයට එරෙහි අවසන් එක්දින තරඟය කඩුළු 04 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරඟයේ පළමු පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින්  නියමිත පන්දුවාර 50 අවසනයේ කඩුළු 8ක් දැවී ලකුණු 313ක් රැස් කළා. එහිදී ඇෆ්ගනිස්ථානයේ ඊබ්‍රාහිම් සඩ්රාන් ලකුණු 162 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 04 ක් තුළදී සිය ජයග‍්‍රාහි ඉලක්කය පසුකර ගියේ කඩුළු 06 ක් පමණක් දැවී සිටියදීයි. ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමේදී චරිත් අසලංක නොදැවී ලබාගත් ලකුණු 83 සහ දුනිත් වෙල්ලාලගේ නොදැවී ලබාගත් ලකුණු 31 කැපී පෙනුණා.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් කී‍්‍රඩාංගනයේදී  ඕනෑම කණ්ඩායමක් හඹා ගොස් තරඟයක් ජයග‍්‍රහණය කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද මෙය වනවා.

එමෙන්ම මෙම ජයග‍්‍රහණයත් සමඟ ලබන වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරඟාවලිය සඳහා වන සුදුසුකම් ලැබීමේ ප්‍රසාද ලකුණු සටහනේ 09 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required