/
/
title icon ගාල්ලේ හිටපු මහේස්ත‍්‍රාත්වරියකට දස වසරක සිරදඬුවම්.
ගාල්ලේ හිටපු මහේස්ත‍්‍රාත්වරියකට දස වසරක සිරදඬුවම්.
Editor
1 year ago
Share:
ගාල්ලේ හිටපු මහේස්ත‍්‍රාත්වරියකට දස වසරක සිරදඬුවම්.

ගාල්ලේ හිටපු මහේස්ත‍්‍රාත්වරියක් වන ඞී.එස්. මෙරින්චිආරච්චිට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 10 ක සිරදඩුවම් නියම කර තිබෙනවා.

ඒ, සුරාබදු වැරදි සඳහා අයකරන දඩමුදල් අඩුවෙන් සටහන් කිරීම තුළින් පොදුදේපළ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් පනවා තිබූ නඩු දෙකකට අදාළවයි.

ඒ අනුව එක් නඩුවකට වසර 05 ක් බැගින් වන පරිදි 10 වසරක සිරදඩුවම් නියම කිරීමටයි මහාධිකරණ විනිසුරු අමල් රණරාජා නියෝග කර ඇත්තේ. එමෙන්ම අධිකරණය මඟහැර සිටින විත්තිකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට විවෘත වරෙන්තුවක්ද නිකුත් කර තිබෙනවා.

ඊට අමතරව විත්තිකාරියට රුපියල් 22,500 ක දඩයක් ද කොළඹ මහාධිකරණය නියම කළා.

2000 වසරේදී සුරාබදු නඩුවක් සඳහා නියම කෙරුණු රුපියල් 7500 ක දඩ මුදලක් 1500 ක් ලෙස සටහන් කිරීම සහ තවත් නඩුවක රුපියල් 5000 ක දඩ මුදලක් 1500 ක් ලෙස සටහන් කිරීම ඇයට එල්ල වූ චෝදනාවයි.

එය සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවට මහාධිකරණය තීන්දු කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required