/
/
title icon සරසවි ප‍්‍රවේශ කඩයිම් ලකුණු නිකුත් කෙරේ – 44,000 කට සරසවි වරම්.
සරසවි ප‍්‍රවේශ කඩයිම් ලකුණු නිකුත් කෙරේ – 44,000 කට සරසවි වරම්.
Editor
1 year ago
Share:
සරසවි ප‍්‍රවේශ කඩයිම් ලකුණු නිකුත් කෙරේ – 44,000 කට සරසවි වරම්.

2021 උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ස`දහා වන කඩඉම් ලකුණු අද නිකුත් කෙරුණා.

මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් සිසුවියන් 44,000 ක් බ`දවා ගැනීමට අපේක්ෂා කරන බවයි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

ඒ අනුව, https://www.ugc.ac.lk/ යන වෙබ් අඩවිය හරහා මෙන්ම UGA හිස්තැනක් ප‍්‍රවේශ අංකය යොදා 1919 ට කෙටි පණිවුඩයක් යැවීමෙන් ද මීට අදාළ කඩඉම් ලකුණු ලබා ගැනීමට හැකියාව පවතිනවා.

මේ අතර, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ 0112 69 5301/ 0112 69 5302 හෝ 0112 69 2357 හෝ 0112 675854 දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි.

2021 වසරේදී උසස් පෙළ විභාගයට සිසුන් දෙලක්ෂ 83,616 ක් පෙනී සිටි අතර, 2021 – 2022 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා මූලික සුදුසුකම් ලැබූ සිසුන් සංඛ්‍යාව 171,497 ක්.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාලවලට නව පාඨමාලා 04 ක්ද හදුන්වා දෙන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required