/
/
title icon බිල් නොගෙවූ තිලිණි ප‍්‍රියමාලිගේ නිවසේ විදුලියත් කපයි.
බිල් නොගෙවූ තිලිණි ප‍්‍රියමාලිගේ නිවසේ විදුලියත් කපයි.
Editor
1 year ago
Share:
බිල් නොගෙවූ තිලිණි ප‍්‍රියමාලිගේ නිවසේ විදුලියත් කපයි.

බරපතල මූල්‍ය වංචා චෝදනා එල්ල වී සිටින තිළිණි ප‍්‍රියමාලි ලංකා විදුලි පුද්ගලික සමාගමට විදුලි බිල්පත් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් අද සිට ඇයගේ නිවසේ විදුලිය කප්පාදු කර තිබෙනවා.

මෙලෙස විදුලිය කප්පාදුකර ඇත්තේ කුළී පදනම මත ඇය පදිංචිව සිටි වත්තල – ඇවරියවත්ත – එඩ්වඩ් පටුමගේ පිහිටි නිවසේයි.

මෙම මාසය සඳහා අදාළ නිවසට රුපියල් 59,130 යි ශත 13 ක විදුලි බිල්පතක් ලැබී ඇති අතර පසුගිය  ඔක්තෝම්බර් මාසයේ එක්ලක්ෂ එකොළොස් දහස් හාරසිය තිස් නවයයි ශත 98 ක බිලක් ලැබී තිබෙනවා.

ඊට පෙර මාසයේ එනම් සැත්තැම්බර් මාසයේ ලැබී ඇති විදුලි බිල රුපියල් දෙලක්ෂ හයදහස් හතලිස් හතරයි ශත 87 ක් බව සඳහන්.

මෙම මාසයේ බිල්පත ද ඇතුළුව තිළිණි ප‍්‍රියමාලී ලංකා විදුලි පුද්ගලික සමාගමට රුපියල් තුන්ලක්ෂ නව දහස් අනූ අටයි ශත හැත්තෑ හතරක මුළු විදුලි බිලක් ගෙවිය යුතුව තිබෙනවා.

එහෙත් අවසන් වරට පසුගිය ඔක්තෝබර් මස 31 වනදා රුපියල් 100,000 ක මුදලක් පමණක් ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් විදුලි කප්පාදුව වළක්වා ගැනීම සඳහා රුපියල් දෙලක්ෂ පනස්දෙදහස් තුන්සිය හැට අටයි ශත තිස් අටක හිඟ මුදලක් ගෙවිය යුතුව ඇති බැවින් අද දිනයේ එම නිවසේ විදුලිය කප්පාදු කිරීමටයි ලංකා විදුලි පුද්ගලික සමාගම පියවර ගෙන ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required