/
/
title icon ආනයනික ටින් මාළු බද්ද ඉහළට.
ආනයනික ටින් මාළු බද්ද ඉහළට.
Editor
1 year ago
Share:
ආනයනික ටින් මාළු බද්ද ඉහළට.

ආනයනික ටින් මාළු කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 100කින් ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව ආනයනික ටින් මාළු සඳහා මීට පෙර රුපියල් 100ක්ව පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 200ක් දක්වා ඉහළ යන බවයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම බදු සංශෝධනය පසුගිය සිකුරාදා සිිට බලාත්මකයි. මේ අතර ලොකුළුෑණු මත පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පසුගිය මාසයේ සිට අඩු කරනු ලැබුවා.

ඒ අනුව ලොකුළුෑණු කිලෝවක් සඳහා පැවති රුපියල් 50ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 10 දක්වා අඩු කළ බවයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර 2023 වසරේ අයවැයට පෙර ඉදිරිපත් කළ අතුරු අයවැය ලේඛණයට අදාලව ලබන 13 වනදායින් පසු ඉදිරිපත් කෙරෙන බදු සංශෝධන මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහල යාමක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප‍්‍රකාශ කළා.

රුවන්වැල්ල ප‍්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකට එක්වූ අවස්ථාවේදී බදු සංශෝධන පනත් කෙටුම්පතක් ලබන 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේද යන්න පිළිබද මාධ්‍යවේදින් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required