/
/
title icon ලබන වසරේ විදුලි ඒකකයක් උත්පාදනයට රුපියල් 57 ක් වැයවන බව ඇමති කියයි.
ලබන වසරේ විදුලි ඒකකයක් උත්පාදනයට රුපියල් 57 ක් වැයවන බව ඇමති කියයි.
Editor
1 year ago
Share:
ලබන වසරේ විදුලි ඒකකයක් උත්පාදනයට රුපියල් 57 ක් වැයවන බව ඇමති කියයි.

ලබන වසරේදී විදුලි ඒකකයක් උත්පාදනය කිරීම සඳහා රුපියල් 56 යි ශත 90 ක මුදලක් වැය කිරීමට සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප‍්‍රකාශ කළා. ට්විටර් සටහනක් තබමින් ඔහු කියා සිටියේ මේ වනවිට විදුලි ඒකකයක් සඳහා පාරිභෝගිකයෙකුගෙන් අය කරනු ලබන්නේ රුපියල් 29 යි ශත 14 ක ගාස්තුවක් බවයි.‍

එබැවින් විදුලි නිෂ්පාදනයේදී රුපියල් බිලියන 423.5 ක පාඩුවක් ලංකා විදුලිබල මණ්ඩලයට දැරීමට සිදුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ලංකා විදුලිබල මණ්ඩලයේ බිල්පත් දත්තවලට අනුව ගෘහස්ථ පාරිභෝගිකයින් හැට හත්ලක්ෂ 9,574 දෙනෙකු සිටින අතර, ඔවුන්ගෙන් 14 ලක්ෂ 60,828 දෙනෙකුම ඒකක බින්දුවත් 30 අතර විදුලි පරිභෝජනයක් සහිත පාරිභෝගිකයන්.

ඔවුන්ගෙන් අය කරන්නේ විදුලි ඒකකයකට රුපියල් අටක මුදලක් බවයි  එම ට්විටර් සටහනේ දැක්වුණේ.

ඒකක 31 ත් 60 ත් අතර පාරිභෝගිකයන් 16 ලක්ෂ 83,172 කු සිටින අතර, ඔවුන් ඒකකයකට ගෙවනු ලබන්නේ රුපියල් 10 ක් පමණයි.

ඒකකයකට රුපියල් 16 බැගින් ගෙවන ඒකක 60 ත් 90 ත් අතර විදුලි පාරිභෝගිකයින් 17 ලක්ෂ 2,515 ක් සිටින අතර, ඒකකයකට රුපියල් 50 බැගින් ගෙවන පාරිභෝගිකයන් 15 ලක්ෂ 59,131 දෙනෙකු සිටින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒකක 180 ට වැඩි පාරිභෝගිකයන් තුන්ලක්ෂ 3,928 දෙනෙකු සිටින අතර, ඔවුන් ඒකකයක් සඳහා රුපියල් 75 බැගින් ගෙවනු ලබනවා.

මේ අතර මන්නාරම – සිලාවතුර ප‍්‍රදේශවල විදුලිබල මණ්ඩලය මගින් ආරම්භ කිරීමට සැළසුම් කර තිබූ මෙගාවොට් 150 ක විදුලි ජනනයක් සහිත සුළං බලාගාර ව්‍යාපෘතියේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වනවා.

එම ව්‍යාපෘතිය ඉදිරියට පත්වාගෙන යාම සඳහා මුදල් නොමැති වීම ඊට බලපා ඇති ප‍්‍රධාන හේතුවක් බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ලේකම් ඉසුරු කස්තුරිරත්න සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required