/
/
title icon ඇමති නිමල් සිරිපාලගේ මෛත‍්‍රීට එරෙහි ඉල්ලීම අධිකරණය ඉවත දමයි.
ඇමති නිමල් සිරිපාලගේ මෛත‍්‍රීට එරෙහි ඉල්ලීම අධිකරණය ඉවත දමයි.
Editor
1 year ago
Share:
ඇමති නිමල් සිරිපාලගේ මෛත‍්‍රීට එරෙහි ඉල්ලීම අධිකරණය ඉවත දමයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් තමාව ඉවත් කිරීම වළක්වාලමින් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඇතුළු නිළධාරීන් වෙත තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කළ ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කළා.

ඒ, ඊට අදාළ නඩුව කොළඹ දිසාවිනිසුරු පූර්ණිමා පරණගම හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර තිබුණේ නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, මධ්‍යම කාරක සභික ,දේශපාලන මණ්ඩල හා  බදුල්ල දිස්ත‍්‍රික් නායක මෙන්ම සංවිධායක තනතුරු තමන් විසින් දරණ බවයි.

එහෙත් පසුගිය සැප්තැම්බර් 02 වනදා සමස්ත ලංකා කාරක සභාව නමින් රැස්වීමක් කැඳවා පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර ඇති බව අමාත්‍යවරයා සිය පෙත්සමෙන් පෙන්වා දී තිබුණා.

එසේම පක්ෂයේ ලේකම්වරයාට ලැබුණු බලතල ප‍්‍රකාරව තමන්ව අදාළ තනතුරුවලින් ඉවත් කර ඇති බවයි ඔහු එමඟින් දන්වා තිබුණේ.

එහෙත් පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය කිරීමට සමස්ත ලංකා කාරක සභාවට නීත්‍යානුකූල බලයන් නොමැති බැවින් තවදුරටත් පක්ෂයේ තනතුරු තමන් දරණ බවට ප‍්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණයට අදාළ පෙත්සම ගොනුකර තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required