/
/
title icon ජානකී සිරිවර්ධනට ඇප – තිලිණි රිමාන්ඩ්.
ජානකී සිරිවර්ධනට ඇප – තිලිණි රිමාන්ඩ්.
Editor
1 year ago
Share:
ජානකී සිරිවර්ධනට ඇප – තිලිණි රිමාන්ඩ්.

තිළිණි ප‍්‍රියමාලිට මුදල් වංචා කිරීමට ආධාර අනුබල දීම සහ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම යන චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජානකී සිරිවර්ධන දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ඊයේ නියෝග කළා.

ඒ, හිටපු ආණ්ඩුකාර අසාත් සාලිගෙන් රුපියල් ලක්ෂ 800ක මුදලක් වංචා කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් අනුව ගොනු කර තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා ඇය මුදා හරින ලෙස නියෝග කළා. කෙසේ වෙතත් මෙහිදී තිළිණි ප‍්‍රියමාලි වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ සැකකාරිය ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

රුපියල් පනස් දහසක මුදල් ඇපයක් රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ජානකී සිරිවර්ධන මුදා හරින ලද අතර ඇයගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා යවන ලෙසත් නියෝග කළා.

එමෙන්ම සෑම මසකම අවසන් ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසත් මහේස්ත‍්‍රාත්වරයා ඇප කොන්දේසි ඉදිරිපත් කරමින් කියා සිටියා.

මේ අතර ජානකී සිරිවර්ධනට එරෙහිව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩු තුනක් ගොනු කර ඇති අතර ඉන් එක් නඩුවක් සඳහා මෙලෙස ඇයට ඇප හිමිවුණත් අනෙක් නඩු සඳහා ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

ඇය මාස දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටිම විමර්ශන අවසන් වීම ඇතුළු කරුණු යටතේ නීතීඥවරුන් සැකකාරිය වෙනුවෙන් ඇප ඉල්ලීම සිදු කළා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇය ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරෝධය පළ කළා.

සැකකාරියන් දෙදෙනා අධිකරණයට රැගෙන විත් නොතිබූ අතර ස්කයිප් තාක්ෂණය ඔස්සේයි ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required