/
/
title icon වසන්ත මුදලිගේට සහ සිරිධම්ම හිමියන්ට කඩුවෙලින් ඇප.
වසන්ත මුදලිගේට සහ සිරිධම්ම හිමියන්ට කඩුවෙලින් ඇප.
Editor
1 year ago
Share:
වසන්ත මුදලිගේට සහ සිරිධම්ම හිමියන්ට කඩුවෙලින් ඇප.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා.

ඒ, පසුගිය ජුනි මස 10 වනදා බත්තරමුල්ල – ඉසුරුපාය ඉදිරිපිට පැවති විරෝධතාවයේදී පොදු දේපලවලට හානි කිරීමේ සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදියි. නඩු විභාගය සඳහා ඔවුන් අධිකරණය වෙත රැගෙනවිත් තිබුණා.

කෙසේ වෙතත්, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙනතුරු මේ මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required