/
/
title icon  වකුගඩු සිද්ධියට බොරැල්ල පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂවරුන්ට විදෙස් ගමන් තහනමක්.
 වකුගඩු සිද්ධියට බොරැල්ල පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂවරුන්ට විදෙස් ගමන් තහනමක්.
Editor
1 year ago
Share:
 වකුගඩු සිද්ධියට බොරැල්ල පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂවරුන්ට විදෙස් ගමන් තහනමක්.

බොරැල්ල – කොටා පාරේ පෞද්ගලික රෝහලක සිදුවූ බවට පැවසෙන වකුගඩු ජාවාරමට සම්බන්ධ ප‍්‍රධාන තැරැව්කරු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අදාළ නඩුව ඊයේ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

41 හැවිරිදි මෙම සැකකරු කොළඹ 15 කජීමාවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු වකුගඩු මුදලට ලබා දෙන පුද්ගලයා සහ ලබා ගන්නා පාර්ශවය සම්බන්ධීකරණ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව අදාළ පෞද්ගලික රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරියා ඇතුළු අධ්‍යක්ෂවරුන් 06 දෙනාට අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීමේ තහනමක්ද නිකුත් කිරීමටයි නියෝග කෙරුණේ. එම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයාට හා බුද්ධි අංශය වෙත දැනුම් දීමට ද කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය නියෝග කර තිබෙනවා.

මේ අතර කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ අදාළ තැරැව්කරු ඇතුළු සංවිධානාත්මක කණ්ඩායම කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල ජීවත් වන දිළිඳු පුද්ගලයන් හමුවී  එක් වකුගඩුවක් සඳහා ලක්ෂ 50 සිට 120 දක්වා වන මුදලක් දෙන බව පවසා වකුගඩු ලබාගෙන ඇති බවයි.

පසුගිය අගෝස්තු මාසයේ 03 වනදා සිට නොවැම්බර් 03 වනදා දක්වා කාලය තුළදී සැකකරුවන් විසින් කාන්තාවක් ඇතුළු 06 දෙනෙකුගෙන් වකුගඩු ලබාගෙන ඇති බවද ඔහු ප‍්‍රකාශ කළා.

කෙසේ වෙතත් මෙම පුද්ගලයන්ට එකඟ වූ මුදල් ලබා නොදීම නිසා වකුගඩු ලබාදුන් පිරිස අදාළ පෞද්ගලික රෝහලට ගොස් ඇති බව සඳහන්.

කෙසේ වෙතත් අසාධාරණයට ලක්වූ පුද්ගලයන්ව ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු විසින් බොරැල්ලේ පිහිටි දේවස්ථානයක් අසළට කැඳවා ඔවුනට රුපියල් ලක්ෂ 02 බැගින් ලබාදී නැවත රෝහලට නොයන ලෙසට තර්ජනය කර, බලහත්කාරයෙන් දිවුරුම් ප‍්‍රකාශයකටද අත්සන් ලබාගෙන ඇති බව මෙහිදී හෙළිවුණා.

එම ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි කොළඹ අපරාධ  කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා අධිකරණයට දන්වා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required