/
/
title icon ජ’පුර මහ රෝහලේ ගැටළු කෝප් කමිටුවට.
ජ’පුර මහ රෝහලේ ගැටළු කෝප් කමිටුවට.
Editor
1 year ago
Share:
ජ’පුර මහ රෝහලේ ගැටළු කෝප් කමිටුවට.

ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ පරිපාලන ගැටළු රැසක් ඊයේ පැවති කෝප් කමිටුවේදී හඳුනාගනු ලැබුවා.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ ප‍්‍රධානත්වයෙන් කමිටුව රැස්වූ අවස්ථාවේදී අදාළ ගැටළු සඳහා වන විසඳුම් සාකච්ඡුාවට ලක් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කෝප් කමිටුවෙන් අනු කමිටුවක් පත් කිරීමට තීරණය කෙරුණු අතර, එම අනුකමිටුව රෝහල් පරිශ‍්‍රයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමටත් අපේක්ෂිතයි.

එසේම ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සියලූම වැදගත් අංශ ආවරණය වන පරිදි විශේෂ විගණන වාර්තාවක් පිළියෙළ කරන ලෙසයි විගණකාධිපතිවරයාට කෝප් කමිටුව දැනුම් දී ඇත්තේ.

රෝහල් පරිශ‍්‍රයට අයත් ඉඩමේ ප‍්‍රමාණය නිශ්චිතව හඳුනාගෙන අනවසර පදිංචිකරුවන් සිටින්නේ නම් ඔවුන්ව ඉවත් කිරීම සඳහා කඩිනමින් නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසටද කෝප් කමිටුව නිර්දේශ කළා.

2015 වසරේදී මිනුම්පතිවරයා විසින් රෝහලේ ඉඩම් ප‍්‍රමාණය මැණීම් කටයුතු සිදුකර තිබෙනවා. එසේ පවතිද්දී පෞද්ගලික මිනුම්දෝරුවෙකු ලවා රෝහලේ ඉඩම නැවත මිනුම්ගත කර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණ වුණා. එලෙස කටයුතු කළේ කුමක් සඳහාද, ඊට සම්බන්ධ වූ නිලධාරීන් කවුරුන්ද යන්න නම් ගම් සහිතව සවිස්තරාත්මක වාර්තාවක් කෝප් කමිටුවට ලබාදෙන ලෙසද නීති නිලධාරිනියට මෙහිදී කමිටුව විසින් නිර්දේශ ලබාදුන්නා.

මේ අතර බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමත කාර්ය මණ්ඩලයේ සේවක සංඛ්‍යාව ඉක්මවමින් දෛනික වැටුප් පදනම යටතේ සහ කොන්ත‍්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයින් 556 දෙනෙකු සිටින බව කෝපා කමිටුවේදී අනාවරණ වුණා. ඒ, පසුගියදා එම කමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදියි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required