/
/
title icon සිරිපා වන්දනා සමය අදින් ඇරඹේ.
සිරිපා වන්දනා සමය අදින් ඇරඹේ.
Editor
1 year ago
Share:
සිරිපා වන්දනා සමය අදින් ඇරඹේ.

අදින් ආරම්භ වන සිරිපා වන්දනා සමය වෙනුවෙන් පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලූ කටයුතු මේ වනවිට සූදානම් කර ඇති පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප‍්‍රකාශ කළා.

ඒ අනුව ශ‍්‍රීපාදය වන්දනා කිරීමට පැමිණෙන ප‍්‍රධාන මාර්ගවල සිට සිරිපා මළුව දක්වා රාජකාරි සිදුකිරීමට විශාල පොලිස් නිලධාරින් සංඛ්‍යාවක් යොදවා ඇති බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම, ශ‍්‍රීපාදය වන්දනා කිරීමට පැමිණෙන වන්දනකරුවන් අවිධිමත් ලෙස කසළ බැහැර කළහොත් ඊට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required