/
/
title icon චීනයෙන් ශ්‍රී ලංකාවට බිලියන දෙකක ඖෂධ – ඔසු හිඟයෙන් අක්ෂි රෝහලටත් බලපෑම්.
චීනයෙන් ශ්‍රී ලංකාවට බිලියන දෙකක ඖෂධ – ඔසු හිඟයෙන් අක්ෂි රෝහලටත් බලපෑම්.
Editor
1 year ago
Share:
චීනයෙන් ශ්‍රී ලංකාවට බිලියන දෙකක ඖෂධ – ඔසු හිඟයෙන් අක්ෂි රෝහලටත් බලපෑම්.

ශ්‍රී ලාංකික ජනතාවට චීනයෙන් පරිත්‍යාග කළ රුපියල් බිලියන 2ක් වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ඊයේ කොළඹට ළඟා වූ බව චීන තානාපති කාර්යාලය සඳහන් කළා.

එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය බහාලූම් 24ක් ලෙස නැව්ගත කළ අතර එහි සම්පූර්ණ බර මෙටි‍්‍රක් ටොන් 255කට අධික බවයි තානාපති කාර්යාලය කියා සිටියේ.

චීනයේ ජූනි මාසයේ සිට රුපියල් බිලියන 5කට අධික වටිනාකමින් යුත් ඖෂධ ශී‍්‍ර ලංකාවට පරිත්‍යාග කර ඇති බවද චීන තානාපති කාර්යාලය ප‍්‍රකාශ කළා.

මේ අතර මේ වනවිට පවතින ඖෂධ හිඟය ජාතික අක්ෂි රෝහලට සහ සියලූම අක්ෂි ශල්‍යකර්ම සිදුකරන රෝහල්වලට බලපා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

විශේෂයෙන්ම රට තුළ පවතින අක්ෂි කාචවල හිඟය සහ ශල්‍යකර්ම සඳහා අවශ්‍ය උපකරණවල හිඟය හේතුවෙන් අක්ෂි ශල්‍යකර්ම සිදු කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව බවයි එම සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ කියා සිටියේ.

කෙසේ වෙතත්, මෙරට සෞඛ්‍ය පද්ධතිය සඳහා ලබන වසර වනවිට හිඟයකින් තොරව ඖෂධ ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required