/
/
title icon උතුර – නැගෙනහිර ධීවරයින්ට මුහුදු නොයන්නැයි උපදෙස්.
උතුර – නැගෙනහිර ධීවරයින්ට මුහුදු නොයන්නැයි උපදෙස්.
Editor
1 year ago
Share:
උතුර – නැගෙනහිර ධීවරයින්ට මුහුදු නොයන්නැයි උපදෙස්.

ගිනකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ ස්ථාපිත වී පවතින පීඩන අවපාතය තවදුරටත් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර අද පස්වරුව වනවිට ක‍්‍රමයෙන් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉඩ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම පද්ධතිය හෙට දින නිරිත දිග බෙංගලා බොක්ක මුහුදු ප‍්‍රදේශයට ඔබ්බෙන් උතුරු තමිල්නාඩු පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප‍්‍රදේශ් වෙරළ වෙත ලගා වනු ඇති.

දිවයිනේ  බොහෝ ප‍්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර උතුරු සහ උතුරු මැද පළාත්වලටත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ.

විශේෂයෙන් උතුරු පලාතේ සහ ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක වැසි ඇති විය හැකියි.

එමෙන්ම, ඊයේ දහවල් සිට මන්නාරම සිට කන්කනසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා මුහුදු ප‍්‍රදේශවල ධීවර කටයුතු වල නොයෙදෙන ලෙසයි දැනුම් දී ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required