/
/
title icon මහින්ද, නාමල්, ජොන්ස්ටන් ඇතුළු පිරිසකට නොතීසි.
මහින්ද, නාමල්, ජොන්ස්ටන් ඇතුළු පිරිසකට නොතීසි.
Editor
1 year ago
Share:
මහින්ද, නාමල්, ජොන්ස්ටන් ඇතුළු පිරිසකට නොතීසි.

පසුගිය මැයි 09 වනදා ගාලූ මුවදොර පැවති ගෝඨාගෝගම අරගල භූමියට පහරදීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණය අද නොතීසි නිකුත් කළා.

ඒ මෙමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව පවසමින් අරගලකරුවන් 05 දෙනෙකු ගොනුුකළ පෙත්සමක් විභාගයට ගැනීමට දින නියම කරමින්.

ඒ අනුව ලබන වසරේ ජුනි 22 වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අමතරව මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කෙරුණු පිරිසට අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ නාමල් රාජපක්ෂද ඇතුළත්.

මේ අතර පසුගිය ජුලි 09 වනදා අරලියගහ මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය අද මුදා හැරියා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මේ දක්වා සිදුකර ඇති තක්සේරුවට අනුව අරගලකරුවන් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක අලාභයක් එහි තිබූ භාණ්ඩවලට සිදුකර ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required