English English සිංහල සිංහල தமிழ் தமிழ்

ශ‍්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අර්බුදය ගැන චීන අගමැති IMF සහ ලෝක බැංකු ප‍්‍රධානීන් හමුවී සාකච්ඡාවක.

Facebook
Twitter
LinkedIn

ණය සේවාකරණ අත්හිටුවීමේ වැඩපිළිවෙල ක‍්‍රියාවට නැංවීම සහ සාධාරණ හා සමාන ණය ප‍්‍රතිව්‍යුහගතකරණ සැලැස්මක් සකස් කිරීම සඳහා ජි-20 සාමාජික රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය එකඟ වී තිබෙනවා.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිවා, චීන අග‍්‍රාමාත්‍ය ලී කෙකියෑන් අතර  හුවන්ග්ශාන් නගරයේ ඊයේ පැවති හමුවේදී මෙම තීරණය ගෙන ඇති බවයි.

මෙම හමුවට චීන මුදල් අමාත්‍යවරයා මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂවරයාද එක්වුණා.

එසේම ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස් සහ චීන අග‍්‍රාමාත්‍යවරයා අතර හමුවක්ද පවත්වා තිබෙනවා.

මේ අතර චීන එක්සිම් බැංකුව සහ චීන සංවර්ධන බැංකුවේ සභාපතිවරුන් චීනයේ සංචාරයක නිරත වන ලෝක බැංකු කණ්ඩායමට සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය ඇතුළු නියෝජිත පිරිසට ඊයේ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් පිරිනමා තිබෙනවා.

එහිදී ජාත්‍යන්තර ආර්ථික තත්වය හා ශ‍්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ණය පිළිබඳ ඔවුන් ධනාත්මක සාකච්ඡාවක නිරත වී ඇති බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000