/
/
title icon මැන්ඩවුස් දකුණු ඉන්දියාවට – අධික සීතලෙන් කුඩා දරුවන් ආරක්ෂා කරගන්නැයි උපදෙස්.
මැන්ඩවුස් දකුණු ඉන්දියාවට – අධික සීතලෙන් කුඩා දරුවන් ආරක්ෂා කරගන්නැයි උපදෙස්.
Editor
1 year ago
Share:
මැන්ඩවුස් දකුණු ඉන්දියාවට – අධික සීතලෙන් කුඩා දරුවන් ආරක්ෂා කරගන්නැයි උපදෙස්.

මෙරටට බලපෑම් එල්ල කළ මැන්ඩවුස් සුළි කුණාටුව දකුණු ඉන්දියාවට ඇතුළු වී තිබෙනවා.

මේ හේතුවෙන් චෙන්නායි ගුවන් තොටුපළේ ගුවන් ගමන් සඳහා ද බලපෑම් එල්ල වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ලංකාවට බලපා ඇති දූවිලි සහ ශීත කාලගුණ තත්වය ඉදිරි දින කිහිපය තුල පහව යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි කරන අංශයේ අධ්‍යක්ෂිකා ආචාර්ය ශිරෝමනී ජයවර්ධන ප‍්‍රකාශ කළා.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ පවතින ශීත කාළගුණයෙන් කුඩා දරුවන් ආරක්ෂා කරගැනීමට දෙමාපියන් කටයුතු කළ යුතු බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required