/
/
title icon කොළඹ වායු දූෂණය අදත් වැඩිවෙයි.
කොළඹ වායු දූෂණය අදත් වැඩිවෙයි.
Editor
1 year ago
Share:
කොළඹ වායු දූෂණය අදත් වැඩිවෙයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වෙබ් අඩවියට අනුව කොළඹ නගරයේ වායු තත්ව දර්ශක‌යේ අගය අද පෙරවරු 10 ත් 11 ත් අතර කාලයේදී 63 ක මට්ටමේ පැවතුණා.

කෙසේ වෙතත්, මෙම කාලසීමාව තුළ ඇමරිකානු තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යන වෙබ් අඩවියේ දැක්වුණේ කොළඹ නගරයේ වායු තත්ව දර්ශකය 205 ක අගයක් ගන්නා බවයි.

මෙම තත්වයන් සෞඛ්‍යයට දැඩි අවදානම් තත්වයන් ලෙසයි අදාළ වෙබ් අඩවි දෙකෙහිම සටහන්වී තිබුණේ.

මෙම අගය 150 ත් 200 ත් අතර මට්ටමේ පවතීනම් එය අවදානම් තත්වයක් වන අතර, 100 ත් 150 ත් අතර අගයක පවතී නම් එය, දරුවන් සහ ශ්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයන් ඇතුළු වයෝවෘද්ධ පුද්ගලයන්ට අවදානම් මට්ටමක් ලෙස සැළකෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required