
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට හා ඔහුගේ පුත‍්‍රයාට පහරදීමේ සිද්ධියට අදාළ මේ වනවිට සිසුන් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඔවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට කටයුතු ද කරන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප‍්‍රභාත් ඒකනායක පවසනවා.
විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය විසින් සිදුකරන ලද විමර්ෂණයකට අනුව එම සිසුන් හඳුනාගෙන ඇති බවත් තවත් සිසුන් අදුනාගනිමින් සිටින බව ඔහු සඳහන් කළා.
මේ අතර, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංගද කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචර්ය අතුල සේනාරත්න සහ පුත‍්‍රයාට සිසුන් පිරිසක් විසින් පහරදීම අදාළව නීතිය ක්‍රියාත්මක නොවුනහොත් විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගෙන යාමට නොහැකි වනු ඇති බවයි.