English English සිංහල සිංහල தமிழ் தமிழ்

නඩු හයකින් ඇප හිමිවුවත්, තිළිණි ප‍්‍රියමාලි එක් නඩුවකට යළි රිමාන්ඩ්.

Facebook
Twitter
LinkedIn

මහාපරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති තිළිණි ප‍්‍රියමාලි සහ ඇයගේ ආයතනයේ කළමනාකරු වන ඉසුරු පෙරේරා ලබන 16 වනදා දක්වා ඊයේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔවුන් කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔවුන්ට එරෙහිව පවතින නඩු හතකින් එක් නඩුවක් සඳහායි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.

කෙසේ වෙතත්, තිළිණි ප‍්‍රියමාලිට එරෙහි නඩු හතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගොනුකර තිබූ අතර, ඉන් නඩු හයකට අදාළව ඇය ඇප මත මුදාහැරීමටයි මෙලෙස මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ.

ඒ අනුව මාස දෙකකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තිළිණි ප‍්‍රියමාලි, ජානකී සිරිවර්ධන සහ තිකෝ ආයතනයේ අධ්‍යක්ෂ ඉසුරු පෙරේරා සහ ප‍්‍රියන්ත කුමාර යන සිව්දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට නියෝග කරනු ලැබුවා.

එහිදී එක් අයෙකුට රුපියල් 50,000 ක මුදල් ඇපයක්, රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

සෑම මසකම අවසාන ඉරුදින සැකකරුවන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසත්, ඇපකරුවන්ගේ පදිංචි සහතික සහ ආදායම් වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් මහේස්ත‍්‍රාත්වරයා පැවසුවා.

සැකකරුවන් සතුව තිබී සොයාගත් රන් භාණ්ඩවලට අදාළ වාර්තා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් ලැබී නැති බව, එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

එහිදී සිව්වන සැකකරු ලෙස නම් කර සිටින ස්වර්ණාභරණ ආයතනයක හිමිකරුවෙකු වන නල්ලයියා ජයමෝහන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දගොඩ අධිකරණයට දැන්වූයේ තම සේවා දායකයා සතුව තිබූ රුපියල් මිලියන 3 ක් වටිනා රන් පවුම් 40 ක්, අපරාධ පරීක්ෂණ දෙපාර්ර්තමේන්තුව භාරයට ගෙන ඇති බවයි.

එමෙන්ම ඉසුරු බණ්ඩාරගේ අත්හිටුවා ඇති ගිණුම්වල විමර්ශන අවසන් නම් අධිකරණ භාරයේ ඇති බී.එම්.ඩබ්ලිව්. සුඛෝපභෝගී මෝටර් රථය මුදාහරින ලෙසටද, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මඩුල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සියලූ කරුණු සළකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා ඉදිරි දිනවලදී අදාළ විමර්ශනය සිදුකර අධිකරණයට දැනුම් දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

නඩුව කැඳවූ අවස්ථාවේදී තිළිණි ප‍්‍රියමාලි සහ ඇයගේ ආයතනයේ කළමනාකරු වන ඉසුරු පෙරේරා, පූජ්‍ය බොරැල්ලේ සිරි සුමන හිමියන්, ප්‍රියන්ත කුමාර, ස්වර්ණාභරණ ආයතනයක හිමිකරුවෙකු වන නල්ලයියා ජයමෝහන් යන අය අධිකරණය හමුවේ පෙනී සිටියා.

එමෙන්ම, ව්‍යාජ හැඳුනුම්පතක් සහ විදේශ ගමන් බලපත‍්‍රයක් සන්තකයේ තබාගෙන සිටි බව කියන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිණි තිළිණි ප‍්‍රියමාලිට වෙනම නඩුකරයක් ගොනුකරන ලෙසටද කොටුව මහේස්ත‍්‍රාත් තිළිණි ගමගේ ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000