/
/
title icon ශ‍්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය බර ලක්ෂ 11 ක්.
ශ‍්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය බර ලක්ෂ 11 ක්.
Editor
1 year ago
Share:
ශ‍්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය බර ලක්ෂ 11 ක්.

මෙරට ඒක පුද්ගල ණය බර රුපියල් ලක්ෂ 11 ක් ඉක්මවා ගොස් තිබෙනවා. 2021 වසර අවසානයේදී එය දැක්වුණේ රුපියල් හත්ලක්ෂ 93,888 ක් ලෙසයි.

ශ‍්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශකය අනුව 2022 අගෝස්තු මාසය අවසානයේදී මධ්‍යම රජය විසින් පියවීමට ඇති සමස්ත ණය වටිනාකම රුපියල් බිලියන 24,694 ක් හෙවත් රුපියල් ටි‍්‍රලියන 24 යි දශම 6 යි 9 ක්.

ඊට දේශීය ණය රුපියල් බිලියන 13,119 යි දශම 4 ක් සහ විදේශීය ණය රුපියල් බිලියන 11,574 යි දශම 6 ක් අයත්.

ඒක පුද්ගල ණය බර ගණනය කිරීම වාර්ෂික සමස්ත ණය මධ්‍යම වාර්ෂික ජනගහනයේ බෙදීමෙන් සිදුවන අතර ඒ අනුව මෙරට ඒක පුද්ගල ණය බර රුපියල් එකොලොස් ලක්ෂ 14,551 ක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required