/
/
title icon ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට ජාතික ප‍්‍රතිපත්තියක් – ජනපති කියයි.
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට ජාතික ප‍්‍රතිපත්තියක් – ජනපති කියයි.
Editor
1 year ago
Share:
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට ජාතික ප‍්‍රතිපත්තියක් – ජනපති කියයි.

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් ගෙන එන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා.

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ඒකාබද්ධ යාන්ත‍්‍රණ කමිටු නියෝජිතයන් දැනුවත් කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡුාවට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමටද බලාපොරොත්තු වන බවයි.

ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

ආහාර සුරක්ෂිතතාව සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය තහවුරු කිරීමේ දී නිවැරදි දත්ත ලබා ගැනීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළා.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ජාතික මට්ටමේ සිට ප‍්‍රාදේශීය ලේකම්, ග‍්‍රාම නිලධාරි දක්වා සියලූ‍දෙනාගේ දායකත්වය අවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කළ අතර, එහිදී රාජ්‍ය අංශයට පමණක් නොව පෞද්ගලික අංශයට ද විශාල කාර්යභාරයක් පැවරී ඇති බව පෙන්වා දුන්නා.

මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීම සඳහා දිගුකාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බවද මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. කෘෂි නවීකරණ වැඩසටහන පිළිබඳ මේ වනවිටත් රජය අවධානය යොමු කර ඇති බවත් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ වැඩිදුරටත් මෙහිදී කියා සිටියා. මෙහිදී අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පෙන්වා දුන්නේ රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමත් සමඟ විදේශ විනිමය ද ඉතිරි කර ගත හැකි බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required