/
/
title icon ඔක්තෝම්බරයේ පවුලක වියදම 13,810 ක්.
ඔක්තෝම්බරයේ පවුලක වියදම 13,810 ක්.
Editor
1 year ago
Share:
ඔක්තෝම්බරයේ පවුලක වියදම 13,810 ක්.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය ඔක්තෝම්බර් මාසයට අදාළ ජාතික දරිද්‍රතා මට්ටම ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව සාමාන්‍ය පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා යන අවම වියදම ජාතික වශයෙන් පසුගිය ඔක්තෝම්බර් මාසය වනවිට රුපියල් 13,810 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය පසුගිය සැප්තැම්බර් මාසයේ පැවතියේ රුපියල් 13,772 ක් ලෙසයි.

කොළඹ ජාතික දරිද්‍රතා මට්ටම සැප්තැම්බර් මාසයේ 14,894 ක් වී ඇති අතර එය පසුගිය ඔක්තෝම්බර් මාසයේ සටහන් වී ඇත්තේ 14,854 ක් ලෙසින්.

දිස්ත‍්‍රික්ක නවයකම ජාතික දරිද්‍රතා මට්ටම 14,000 ඉක්මවා ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මේ වසරේ ජනවාරි මාසයේ ජාතික දරිද්‍රතා මට්ටම පැවතියේ රුපියල් 8923 ක් ලෙසයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required