/
/
title icon ජනපති සහ පොහොට්ටුවේ පළාත් පාලන ප‍්‍රධානීන් අතර හමුවක්.
ජනපති සහ පොහොට්ටුවේ පළාත් පාලන ප‍්‍රධානීන් අතර හමුවක්.
Editor
1 year ago
Share:
ජනපති සහ පොහොට්ටුවේ පළාත් පාලන ප‍්‍රධානීන් අතර හමුවක්.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් අතර හමුවක් සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් කියා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ මෙම හමුව පැවති බවයි.

ඊට අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද එක්ව තිබුණා. පොදුජන පෙරමුණේ තෝරාගත් මහනගර සභා, නගර සභා සහ ප‍්‍රාදේශීය සභාවල ප‍්‍රධානීන් 50 දෙනෙකුයි මෙලෙස ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඇත්තේ.

එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කළේ.

මේ අතර ඉදිරියේදී නව දේශපාලන සන්ධානයක් බිහිවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අනුරාධපුර ඵෙතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ඊයේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required