English English සිංහල සිංහල தமிழ் தமிழ்

පොල් මිල ඉහළට.

Facebook
Twitter
LinkedIn

වෙළඳපලේ පොල් ගෙඩියක මිල ඉහළ ගොස් තිබෙනවා. පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමයේ සභාපති රංජිත් විතානගේ කියා සිටියේ මේ වනවිට විශාල පොල් ගෙඩියක් රුපියල් 150 ඉක්මවා අලෙවි වන බවයි.

මේ අතර වෙළඳපලේ ලොකු ළුෑණු මිල ගණන් තවදුරටත් අඩු වෙමින් පවතින බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය ප‍්‍රකාශ කරනවා.

පසුගිය සතිය තුළ සිල්ලර වෙළඳපොලේ ආනයනික ලොකු ළුෑණු මිල රුපියල් 150 ත්, 160 ත් අතර අගයක සටහන් වුණා. දේශීය ලොකු ළුෑණු රුපියල් 240 කට අඩු අගයකින් දැක්වුණු අතර, ඊයේ වනවිට ආනයනික ලොකු ළුෑණු රුපියල් 170 ට අඩු අගයකින් අලෙවි වූ බවයි වාර්තා වන්නේ. ආර්ථික මධ්‍යස්ථාන රැසකම එම අගය රුපියල් 140 ත්, 150 ත් අතර අගයක සටහන් වුණා.

දේශීය අර්තාපල් කිලෝග‍්‍රෑමයක් පසුගිය සතියේ රුපියල් 440 මට්ටමේ පැවති අතර, එහි සැලකිය යුතු වෙනසක් මේ සතිය තුළ සිදුවී නැහැ. උඩරට එළවළු වර්ග රැසක මිල ගණන් තවමත් ඉහළ මට්ටමක පවතින අතර, බෝංචි රුපියල් 400 ත්, 500 ත් අතර මිලකට අලෙවි වනවා. මාළු මිරිස් කිලෝග‍්‍රෑමයක මිලද බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල ඊයේ රුපියල් 600 ආසන්නයේ පැවතියා.

කැරට් රුපියල් 250 ත්, 300 ත් අතර මිලක පැවති අතර, ලීක්ස් රුපියල් 300 ත්, 400 ත් අතර අගයන්වල සටහන් වී තිබුණා.

පහතරට එළවළු මිලෙහි යම් අඩුවීමක් දක්නට ලැබෙන අතර, වට්ටක්කා රුපියල් 80 ත්, 100 ත් අතරත්, වම්බටු රුපියල් 250 ට අඩු අගයකිනුත් සටහන් වී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000