/
/
title icon පළාත් පාලන ඡන්දය ඉල්ලා ගොනුකළ පෙත්සම් සළකා බැලීම ලබන මස 18 වනදා.
පළාත් පාලන ඡන්දය ඉල්ලා ගොනුකළ පෙත්සම් සළකා බැලීම ලබන මස 18 වනදා.
Editor
1 year ago
Share:
පළාත් පාලන ඡන්දය ඉල්ලා ගොනුකළ පෙත්සම් සළකා බැලීම ලබන මස 18 වනදා.

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙසට මැතිවරණ කොමිසන් සභාවට නියෝග කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් ගොනුකළ පෙත්සම් ජනවාරි 18 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

ඒ, එම පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප‍්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික‍්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි ඉදිරියේ සළකා බැලූනු අවස්ථාවේදියි.

පසුගිය සඳුදා එක් පෙත්සමක් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ මහාචාර්ය ජී.එල් පීරිස් විසින් ගොනුකළ අතර අනෙක් පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර ප‍්‍රියදර්ශන යාපා සහ එම්.ඒ සුමන්දිරන් යන මන්ත‍්‍රීවරුන් විසින්.

පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම්කර ඇති මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් සහ අගමැතිවරයාට ඊට අදාළව කරුණු දක්වන ලෙස දන්වා නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසයි විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශව වෙත නියෝග කරනු ලැබුවේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required