/
/
title icon ඉහළ ගිය බිත්තර මිලෙන් කේක් මිලත් නගී.
ඉහළ ගිය බිත්තර මිලෙන් කේක් මිලත් නගී.
Editor
1 year ago
Share:
ඉහළ ගිය බිත්තර මිලෙන් කේක් මිලත් නගී.

බිත්තරයක මිල ඉහළ යාම නිසා උත්සව සමයේ කේක් ගෙඩියක මිල ද ඉහළ දැමීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන චෝදනා කළේ මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයින් වෙළදපොල තුල බිත්තර හිඟයක් ඇති කිරීමත් සමග වෙළඳුන් බිත්තර ඉහළ අගයකට අලෙවි කරන බවයි.

අගෝස්තු 19 වනදා බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

මේ අතර ඉමදූව – හොරදුගොඩ ප‍්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට දෙමාපියන් පිරිසක් ඊයේ උද්ඝෝෂනයක් සංවිධාන කර තිබුණා.

ඒ දරුවන්ගේ පාසල් පොත් ඇතුළු අධ්‍යාපන උපකරණ මිල ඉහළ යාමට විරෝධය පළ කරමින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required