English English සිංහල සිංහල தமிழ் தமிழ்

දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය ගැන 15 දෙනෙකුගෙන් ප‍්‍රකාශ ගනී – බ‍්‍රයන් තෝමස්ටත් විදෙස් ගමන් තහනමක්.

Facebook
Twitter
LinkedIn

බොරැල්ල පොදු සුසාන භූමියේ දී අත් පා ගැට ගසා බරපතල තුවාල සහිතව මෝටර් රථයක් තුළ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙකුගෙන් පමණ ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

විමර්ශන සිදු කරන උසස් නිලධාරියෙකු සඳහන් කළේ, බොරැල්ල පොදු සුසාන භූමියේ සේවකයින් කිහිපදෙනෙකු ගෙන්ද ප‍්‍රකාශ සටහන් කරගත් බවයි.

මේ අතර දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථයේ ඇති සාක්ෂි සහ අදාළ ස්ථානීය පරීක්ෂණ අනුව සැකකරුවන් හදුනා ගැනීමේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප‍්‍රකාශ කළා.

මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් කි‍්‍රකට් විස්තර විචාරකයෙකු වන බ‍්‍රයන් තෝමස්ගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා රාත්‍රියේ ප‍්‍රකාශයක් ලබා ගෙන තිබුණා.

ඔහු විසින් මියගිය ව්‍යාපාරිකයාගෙන් ලබාගෙන ඇති රුපියල් කෝටි 14ක ණය මුදල සම්බන්ධයෙන් පවතින ආරවුල සම්බන්ධයෙන් මෙහි දී දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ.

පෙරේදා පස්වරු 2ත් 3ත් අතර අදාළ ව්‍යාපාරිකයා, හමුවක් සඳහා යන බව සිය බිරිඳට පවසා නිවසින් පිටව ගොස් ඇතැත් තම ලේකම්වරයාට සඳහන් කර තිබුණේ, රුපියල් කෝටි 14ක ණය මුදල ලබාගත් ක්‍රිකට් විස්තර විචාරක බ‍්‍රයන් තෝමස් හමුවීමට යන බවටයි.

එම තොරතුරු අනුවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා රාත‍්‍රී බ‍්‍රයන් තෝමස්ගේ නිවසට ගොස් පැය හතරහමාරක ප‍්‍රකාශයක් සටහන් කරගෙන ඇත්තේ.

මේ අතර බ‍්‍රයන් තෝමස්ගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් හර්ෂන කැකුණවෙල ඊයේ නියෝගයක් නිකුත් කර තිබුණා.

ඒ, මෙම විමර්ශන වලට අදාළව බොරැල්ල පොලිසිය විසින් අධිකරණය හමුවේ සිදු කළ කරුණු ඉදිරිපත් කිරීමකින් අනතුරුවයි.

එමෙන්ම දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකතන ඇමතුම් වාර්තාද ලබා දෙන ලෙසට ද අදාළ දුරකතන සමාගම්වලට නියෝග කර තිබෙනවා.

බ‍්‍රයන් තෝමස් ප‍්‍රසිද්ධ ඇදුම් සමාගමක ආයෝජනය කිරීමට අතරමැදියෙකු ලෙස ඉදිරිපත් වූ දිනේෂ් ෂාෆ්ටර්ගෙන්, රුපියල් කෝටි 14 ක ණය මුදලක් ලබාගෙන වංචා කළ බවට 2019 වසරේ මාර්තු 20 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති අතර එම පැමිණිල්ලට අදාළව බ‍්‍රයන් තෝමස් රක්ෂිත බන්ධනාගාර ගතවද සිටියා.

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ෂාෆ්ටර් කි‍්‍රකට් පරිපාලකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වන චන්ද්‍රා ෂාෆ්ටර්ගේ පුත‍්‍රයෙකු ද වනවා.

මේ අතර මියගිය ෂාෆ්ටර් ගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පස්වරුවේ සිදුකෙරුණු අතර එහිදී හෙළිව ඇත්තේ තන්තුවකින් ගෙල සිරකිරීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000