/
/
title icon මවකගේ නොසැළකිල්ලෙන් තුන්මස් බිළිඳියක් පිළිස්සී මරුට.
මවකගේ නොසැළකිල්ලෙන් තුන්මස් බිළිඳියක් පිළිස්සී මරුට.
Editor
1 year ago
Share:
මවකගේ නොසැළකිල්ලෙන් තුන්මස් බිළිඳියක් පිළිස්සී මරුට.

මුල්ලේරියාව – අඹතලේ ප‍්‍රදේශයේ නිවසක කාමරයක් තුළ ඇති වූ ගින්නකින් මාස තුනක් වයසැති බිළිඳියක මියගොස් තිබෙනවා.

ජලය උණුකිරීමට යොදාගත් විදුලි හීටරයකින් මෙම ගින්න හට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ගින්න ඇතිවන අවස්ථාවේ මියගිය බිළිඳියගේ මව නිවසින් බැහැරව ගොස් තිබුණේ අසළ සිදුවූ මත්ද්‍රව්‍ය වැටලීමක් නැරඹීම සඳහායි.

කෙසේ වෙතත්, මව යළි නිවසට පැමිණෙන විට අදාළ හීටරය ගිනි ගැනීමට ලක්ව ඒ අසළ ඇඳෙහි සිටි මාස තුනහමාරක බිළිඳිය පිළිස්සී මියගොස් තිබෙනවා.

මෙම නිවසේ විදුලිබිල නොගෙවීම හේතුවෙන් විදුලියද විසන්ධි කර තිබී ඇති අතර, අසළ නිවසකින් අනාරක්ෂිතව තාවකාලිකව විදුලිය ලබාගෙන ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මියගිය බිළිඳියගේ පියාද මත්ද්‍රව්‍ය චෝදනාවකට දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත්, නොසැළකිලිමත් කම හේතුවෙන් දරුවන් වින්දිතයන් බවට පත් කිරීම සම්බන්ධයෙන් දෙමාපියන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required