/
/
title icon වැසි තත්වයේ වර්ධනයක්.
වැසි තත්වයේ වර්ධනයක්.
Editor
1 year ago
Share:
වැසි තත්වයේ වර්ධනයක්.

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක පවතින වැසි තත්වය අද සිට වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල මෙලෙස පවතින වැසි තත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව යන පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවල අද පස්වරුවේ හෝ රාත‍්‍රියේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර ගිණිකොණ දිග බෙංගාල බොක්ක සහ නිරිතදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප‍්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 50 ත් 60 ත් දක්වා වැඩිවිය හැකි බැවින් ධීවර හා නාවික ප‍්‍රජාව ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required