/
/
title icon ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් කෝටියකට අධික මුදල් සහ ගිනි අවියක් සොරාගනී.
ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් කෝටියකට අධික මුදල් සහ ගිනි අවියක් සොරාගනී.
Editor
1 year ago
Share:
ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් කෝටියකට අධික මුදල් සහ ගිනි අවියක් සොරාගනී.

ව්‍යාපාරිකයෙකුගේ බම්බලපිටිය ප‍්‍රදේශයේ පිහිටි නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි තිබූ රුපියල් කෝටියකට අධික මුදලක් සහ ගිනි අවියක් සොරකම් කරගෙන ගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ රුපියක් එක්කෝටි එක් ලක්ෂයක මුදලක්, ඇමරිකන් ඩොලර් 6,000 ක්, රුපියල් මිලියන 10 ක් වටිනා ස්වර්ණාභරණ සහ රජයේ බලපත‍්‍ර මත ලබාගත් පිස්තෝලයක් මෙලෙස රැගෙන ගොස් ඇති බවයි.

වාහන අලෙවිකරුවෙකු වන නිවෙස් හිමියා, ව්‍යාපාරික කටයුත්තක් සඳහා නිවසින් බැහැරව ගොස් සිටියදී මෙම සොරකම සිදුව ඇති බවටයි පොලිසිය සඳහන් කළේ.

කිසියම් සැකසහිත පුද්ගලයෙකු නිවසේ තුන්වන මහළට ඊයේ ඇතුලූවී සිටින බවට අදාළ බිරිඳ විසින් ව්‍යාපාරිකයාට දැනුම්දී තිබුණා.

කෙසේ වෙතත් සැකකරු කවුරුන්ද යන්න අනාවරණ වී නොමැති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ක‍්‍රියාත්මකයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required