/
/
title icon අනුරාධපුරේ ගණිත ප‍්‍රශ්න පත‍්‍රයක් පිටවෙයි.
අනුරාධපුරේ ගණිත ප‍්‍රශ්න පත‍්‍රයක් පිටවෙයි.
Editor
1 year ago
Share:
අනුරාධපුරේ ගණිත ප‍්‍රශ්න පත‍්‍රයක් පිටවෙයි.

දෙවන වාර පරීක්ෂණය සඳහා අනුරාධපු කලාප කාර්යාලයෙන් මුද්‍රණය කර පාසල් සඳහා නිකුත් කරනු ලැබූ 10 වන ශ්‍රේණියේ ගණිත ප‍්‍රශ්න පත‍්‍රය විභාගයට පෙර පිටවී ඇති බව ලංකා ගුරු සංගමය අනාවරණ කළා.

ඒ හේතුවෙන් අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ ගණිය විෂය සඳහා නියමිත ප‍්‍රශ්න පත‍්‍රය ලබානොදීමට අධ්‍යාපන බලධාරීන් තීරණයකර තිබෙනවා.

මේ අතර, ගල්ගමුව අධ්‍යාපන කලාපයේ ඇහැටුවැව බණ්ඩාරනායක ජාතික පාසලේ ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ සිසුන් පිරිසකට, ආසාධාරණයක් සිදු වූ බවට වාර්තාවූ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට මහව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් විභාග දෙපාර්තමේන්තුවේ වෙත කැඳවා තිබුණා.

එසේම විමර්ශනවලදී ඉදිරිපත් වන කරුණු අනුව ඉදිරි දින දෙක තුළදී විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් ඇහැටුවැව බණ්ඩාරනායක ජාතික පාසලට යැවීමට නියමිතයි.

කෙසේ වෙතත්, විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්.ඞී. ධර්මසේන කියා සිටියේ මෙම ගැටළුව පිළිබඳ විමර්ශනයක් සිදුකරන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required