/
/
title icon මත් වැරදිවලට කාන්තාවන් 4559 ක් අල්ලයි – සුරාබදු දෙපාර්තමේන්තුව.
මත් වැරදිවලට කාන්තාවන් 4559 ක් අල්ලයි – සුරාබදු දෙපාර්තමේන්තුව.
Editor
1 year ago
Share:
මත් වැරදිවලට කාන්තාවන් 4559 ක් අල්ලයි – සුරාබදු දෙපාර්තමේන්තුව.

සුරාබදු දෙපාර්තමේන්තුව මේ වසරේ මුල් මාස 11 ඇතුළත සිදුකළ වැටලීම්වලදී පුද්ගලයින් 31,342 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාන්තාවන් 4,559 ක් ඒ අතර සිටීම විශේෂත්වයක්. හෙරොයින්, කොකේන්, ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි මෙන්ම දුම්වැටි සම්බන්ධ වැටලීම්වලට අදාළවයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී අත්අඩංගුවට ගන්නා ලද නඩු භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් මිලියන 350 කට අධිකයි. ඒ සම්බන්ධව පැවරූ නඩුවලදී අධිකරණය මගින් සැකකරුවන්ට රුපියල් මිලියන 118 ක දඩ මුදලක්ද පනවා තිබෙනවා.

මීට අමතරව මේ වසර තුළදී සුරාබදු බලපත‍්‍රලත් ස්ථාන ආශ‍්‍රිතව වැටලීම් 3,640 ක් සිදුකර ඇති අතර, එහිදී පනවන ලද සමත ගාස්තුවල වටිනාකම රුපියල් මිලියන 127 ක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required