/
/
title icon බස්නාහිර පාසල් අසළ මත්ද්‍රව්‍ය අලෙවි කළ තවත් 47 ක් අත්අඩංගුවට.
බස්නාහිර පාසල් අසළ මත්ද්‍රව්‍ය අලෙවි කළ තවත් 47 ක් අත්අඩංගුවට.
Editor
1 year ago
Share:
බස්නාහිර පාසල් අසළ මත්ද්‍රව්‍ය අලෙවි කළ තවත් 47 ක් අත්අඩංගුවට.

බස්නාහිර පළාතේ පාසල් 149 ක් ආවරණය වන පරිදි  ඊයේ දිනයේ සිදුකළ මෙහෙයුමකදී ඒ අවට මත්ද්‍රව්‍ය සහ මත්පෙති අලෙවි කළ පුද්ගලයින් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් ග‍්‍රෑම් 9 යි මිලිග‍්‍රෑම් 630 ක්, අයිස් ග‍්‍රෑම් 2 යි මිලිග‍්‍රෑම් 38 ක්, ගංජා ග‍්‍රෑම් 207 යි මිලිග‍්‍රෑම් 590 ක් සහ මාවා නැමති මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග‍්‍රෑම් 260 ක් මෙහිදී සොයාගෙන තිබුණා.

ඊට අමතරව මෙම මෙහෙයුමේදී ගංජා ළඟ තබාගැනීමේ වරදට අවුරුදු 17 ක පිරිමි දරුවෙක් මිරිහාන පොලිස් වසමේ ප‍්‍රසිද්ධ පාසලක් අසළදී අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required