English English සිංහල සිංහල தமிழ் தமிழ்

තවත් යූරියා පොහොර ටොන් 28,000 ක් දිවයිනට.

Facebook
Twitter
LinkedIn

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 28,000 ක් රැගත් තවත් නෞකාවක් අද අලූයම කොළඹ වරායට ළඟාවුණා.

ලෝක බැංකු ණය මුදලක් යටතේ මිලදී ගන්නා ලද මෙම පොහොර තොගය මැලේසියාවේ සිට දිවයිනට ආනයනය කර ඇති අතර, ඒවා ගොවීන්ගේ වැඩි ඉල්ලූමක් සහිත කැටිති වශයෙන් පවතින බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය කෙරෙන යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 110 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදුන්නා.

ඒ යටතේ දිවයිනට ආනයනය කෙරෙන යූරියා පොහොර තොගය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසි පන්දහසක්.

මීට පෙර මිලදී ගත් යූරියා පොහොර කැටිති වශයෙන් නොපැවති අතර, ඒවා උසස් ප‍්‍රමිතියකින් පැවතියත් ගොවීන් ඊට වැඩි කැමැත්තක් දක්වනු ලැබුවේ නැහැ. ඒ අනුව ඇතැම් දිස්ත‍්‍රික්කවලට බෙදා හැර තිබූ එම පොහොර තොග යළිත් කැඳවීමට පියවර ගත් බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.

අද දිනයේ සිටම ආනයනය කළ කැටිති වශයෙන් පවතින යූරියා තොග බෙදාහැරීමට පියවර ගන්නා ලෙසයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් ලබාදී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000