/
/
title icon මානව හිමිකම් කොමිසම විදුලියේ ප‍්‍රධානීන් කැඳවයි.
මානව හිමිකම් කොමිසම විදුලියේ ප‍්‍රධානීන් කැඳවයි.
Editor
1 year ago
Share:
මානව හිමිකම් කොමිසම විදුලියේ ප‍්‍රධානීන් කැඳවයි.

විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් සහ අඛණ්ඩව විදුලිය ලබා නොදීමෙන් විදුලි පාරිභෝගිකයින්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිරීක්ෂණය කර තිබෙනවා.

ඒ අනුව එම ක්ෂේත‍්‍රයේ විද්වතුන් කැඳවා පිරිවැය අඩු කළ හැකි ක‍්‍රමවේදයන් පිළිබඳව කොමිසමේ නිරීක්ෂණ සහිතව රජයට යෝජනාවලියක් ඉදිරිපත් කිරීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ.

ඊට අදාළව ඊයේ දිනයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරීන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු කැඳවා මානව හිමිකම් කොමිසම කරුණු විමසා තිබෙනවා.

විදුලි කප්පාදුව, විදුලි ගාස්තු ඉහළ නැංවීම, ජනන පිරිවැය අඩු කර ගැනීම සහ නව විදුලි ක‍්‍රමවේදයන් හඳුන්වා දීම ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි කියා සිටියේ.

මේ අතර, ඊයේ රාත්‍රියේ සිට අක්‍රීය කෙරුණු නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත‍්‍රය නඩත්තුවෙන් පසු ලබන වසරේ ජනවාරි 10 වැනිදා යළිත් ජාතික පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල මණ්ඩලය පවසනවා. නඩත්තු කටයුත්තක් සඳහා එහි ජනන කටයුතු නවතා දැමීමෙන් මෙගාවොට් 270 ක ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමි වනවා.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ප‍්‍රකාශ කළේ මේ හේතුවෙන් දෛනිකව රුපියල් කෝටි පනහක පමණ පාඩුවක් සිදුවන බවයි.

ඊයේ දිනය වනවිට නොරොච්චෝලේ බලාගාරයේ ගල් අඟුරු තොග ප‍්‍රමාණවත්ව පැවතියේ ජනවාරි මස 02 වැනිදා දක්වා පමණයි. එවන් පසුබිමකයි මෙලෙස එහි දෙවන ජනන යන්ත‍්‍රය නඩත්තු කටයුත්තක් සඳහා අකී‍්‍රය කෙරුණේ. එසේම, බලාගාරයේ පළමු වන ජනන යන්ත‍්‍රයේද නඩත්තු කටයුතු සිදුකිරීමේ අවශ්‍යතාවයක් පවතින බව විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

කෙසේ වෙතත්, මේ හේතුවෙන් දෛනිකව සිදු කෙරෙන විදුලි කප්පාදුව දීර්ඝ නොවන අතර, අහිමි වන විදුලි ධාරිතාවය කෙරවලපිටිය බලාගාරයෙන් ලබාගැනීමටයි සැලසුම් කර ඇත්තේ. එය දැවිතෙල් මගින් ක්‍රියාත්මක කෙරෙන බලාගාරයක්.

මේ අතර, විදුලි ගාස්තු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් අරගලයේ නියමුවෝ සංවිධානය මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීම කොටුව දුම්රියපොල ඉදිරිපිටදී අද සිදු කළා.

මේ අතර, හෙට, නත්තල යෙදෙන 25 වනදා සහ 26 වැනිදා මෙන්ම දෙසැම්බර් 31 සහ ජනවාරි 01 වනදා විදුලිය කප්පාදු කිරීමක් සිදුවන්නේ නැහැ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required