/
/
title icon 75 දෙනෙකුගෙන් ෂාෆ්ටර් ගේ ඝාතනය ගැන රහස් පොලීසිය ප්‍රකාශ ගනී.
75 දෙනෙකුගෙන් ෂාෆ්ටර් ගේ ඝාතනය ගැන රහස් පොලීසිය ප්‍රකාශ ගනී.
Editor
1 year ago
Share:
75 දෙනෙකුගෙන් ෂාෆ්ටර් ගේ ඝාතනය ගැන රහස් පොලීසිය ප්‍රකාශ ගනී.

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය වී අදට දින 8ක් ගතවුවත් එය තවමත් අභිරහසක්ව පවතිනවා.

කෙසේ වෙතත්, සිද්ධියට අදාළව පුද්ගලයින් 75 දෙනෙකුගෙන් මේ වනවිට ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයින් 58 දෙනෙකුගෙන් සහ බොරැල්ල පොලිසිය පුද්ගලයින් 17 දෙනෙකුගෙන් ඊට අදාළ ප‍්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

ඝාතනයට ලක්වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල සුසාන භූමියට යාමට පෙර ගිය බව පැවසෙන අවන්හල ඔහු නිරන්තරයෙන් ආ ගිය තැනක් නොවන බවටද මේ වනවිට තොරතුරු වාර්තා වනවා.

අදාළ අවන්හලේ ප‍්‍රකාශකයෙකුද සඳහන් කර තිබුණේ ෂාෆ්ටර් එදින පැමිණි බවට නිශ්චිතව හදුනාගැනීමට තරම් සමීප පාරිභෝගිකයෙකු නොවන බවයි.

කොළඹ 07 මල්පාරේ පිහිටි සිය නිවසේ සිට ෂාෆ්ටර් බොරැල්ල සුසාන භූමිය වෙත ගමන්කරන අතරතුර මලලසේකර මාවතේ අවන්හලකින් පුද්ගලයින් දෙදෙනෙකුට ප‍්‍රමාණවත් කෙටි ආහාර මිලදී ගෙන ඇති බවට පසුගියදා අනාවරණ වුණා.

ඒ ඔස්සේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළ අතර අදාළ ආහාර මිලදීගැනීමට අවහන්හලට ගොස් ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර්ද එසේ නොමැතිනම් වෙනත් පුද්ගලයෙක්ද යන්න  තහවුරු කරගැනීම සඳහා එහි සී.සී.ටී.වී. කැමරා නොමැතිවීම බාධාවක් වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මේ වනවිට සී.සී.ටී.වී. දර්ශන රැසක්ද විමර්ශන නිලධාරීන් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required